Monday 4th of May 2026

English Tamil
Advertiesment


විනී මැන්ඩෙලා සමුගනියි


2018-04-03 14872

 

දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහිව සටන් කළ ක්‍රියාකාරිනියක සහ දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ගේ දෙවෙනි බිරිඳ වූ විනී මැන්ඩෙලා අභාවප්‍රාප්ත වූ බව ඇයගේ සහායකවරිය පවසයි.

මිය යන විට ඇය 81 වෙනි විය පසුවිය.

නෙල්සන් සහ විනී මැන්ඩෙලා, දශක තුනකට ආසන්න වර්ණභේදවාදයට එරෙහි අරගලයේ නියමුවෝ වූහ.

27 වසරක් බන්ධනාගාරගතව සිටි නෙල්සන් මැන්ඩෙලා නිදහස් වූ අවස්ථාවේ විනී මැන්ඩෙලා ඔහු අතිනත ගෙන බන්ධනාගාරයෙන් පිටතට පැමිණි අවස්ථාව ලොව පුරා මහත් අවධානයට ලක් වූ ඡායාරූපයකි.

Nelson and Winnie Mandela on his release from prison in February 1990  
නෙල්සන් මැන්ඩෙලා නිදහස් වූ අවස්ථාවේ විනී මැන්ඩෙලා ඔහු අතිනත ගෙන බන්ධනාගාරයෙන් පිටතට   පැමිණි අවස්ථාව

එහෙත් ඉන් අනතුරුව දේශපාලනික වශයෙන් පමණක් නොව නීතිය හමුවේ ද ඇයගේ ප්‍රතිරූපය දරුණු ලෙස බිඳ වැටින.

එවකට ට්‍රාන්ස්කෙයි නමින් හැඳින්වුණ නැගෙනහිර කේප් ප්‍රදේශයේදී 1936 දී උපත ලැබූ ඇය පසුව සමාජ සේවිකාවක ලෙස පුහුණුව ලැබුවාය.

ඇයට සිය අනාගත ස්වාමි පුරුෂයා, නෙල්සන් මැන්ඩෙලා, මුණගැසුනේ 1950 දශකයේදීය. ඔවුන් වසර 38ක් විවාහකව සිටි නමුත් නෙල්සන් මැන්ඩෙලා සිරගතවීම හේතුවෙන් එයින් වසර තිහකට අධික කාලයක් ඔවුන්ට එක්ව වාසය කිරීමට අවස්ථාව නොලැබිණ.

BBC සිංහල සේවය

Advertiesment